brand logo

කරුණානිධිගේ මරණයට දෙමල ජනයාගේ සතුට

08 July 2018

තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කළ මුත්තුවේල් කරුණානිධි ජිවිතක්ෂයට පත්වීමත් සමග සතුටට පත් මුලතිව් ජනතාව මුලතිව් නගරයේ රතිඤ්ඥා පත්තු කරමින් ප්‍රීතිය සමර ඇත. ඊයේ (07) රාත්‍රී මෙලෙස ජනතාව විදී බස සතුට පල කල බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසයි. පස්වතාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍ය ධුරය සහ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වය හෙබ වූ එම්. කරුණානිධි මහතා මියයාම පුවත ඇසීමෙන් උතුරේ ජනතාව බහුතරයක් සතුටට පත්වු බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසයි. කරුණානිධිගේ මරණයෙන් ජනතාව ප්‍රීතියට පත් වීමට හේතුව එල් ටි ටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මවට අසනීපයක් වු අවස්ථාවේ තමිල්නාඩුවේ තබා ඇයට ප්‍රතිකාර ලබාදීම කරුණානිධි විසින් ප්‍රතික්ෂේප කිරීමත් අවසන් යුධ සමයේදී මුලතිව් ජනතාව හා උතුරේ ජනතාව වෙනුවෙන් කිසිදු හිතවාදී ප්‍රකාශයක් නොකිරීමත් බව වාර්තා වේ.
 

More News..