brand logo

කරුණාගේ ප්‍රකාශයෙන් දිනේශ් වාසි ගනියි

23 June 2020

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා සිට ඇඟිල්ල දිගු කරන රටවල් වලට කොටි ත්‍රස්තවාදීන්ගේ තිබූ කුරිරු අමානුෂිකත්වය කෙතරම්ද යන්න තේරුම් ගැනීමට කරුණා අම්මාන්ගේ ප්‍රකාශය හේතුවක් විය හැකි බව විදේශ කටයුතු,කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. යුද සමයේ කොටි ත්‍රස්තවාදිවාදීන් සිදුකළ අමානුෂික ක්‍රියාවන් සම්බන්ධව ඇතැම් බටහිර රටවල් කටක් නොඅරින බවත් එවන් පසුබිමක කරුණා අම්මාන් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම හොඳ බවත් ඒ මහතා කීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගෙන මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට අද (23) මහනුවරට පැමිණි ඇමැතිවරයා ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසුවේය. එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධව සිටි අතීතය සම්බන්ධයෙන් කරුණා අම්මාන් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව ආණ්ඩුවට වගකීමක් නොමැති බවද ගුණවර්ධන මහතා කීය. අදාළ සිදුවීම වනවිට තමන් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු බවත් එයට විරෝධතාව දක්වා පාර්ලිමේන්තුවේ නැගී සිටි අතලොස්සක් වූ මන්ත්‍රීවරුන් අතරින් තමන්ද එක් අයෙකු බවත් හෙතෙම පැවසුවේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදී භයානක කොටි ත්‍රස්තවාදය පරාජය කළ බවත් උතුරේ ලක්ෂ තුනක් පමණ වූ ජනතාවට හමුදා සෙබළුන් ඔවුන්ගේ කර මතින් ගෙනවිත් නිදහස ලබාදුන් බවත් කී ඒ මහතා කොටි හමුදාවට එක්ව තනතුරු දැරූ සමාජිකයින් පුනරුත්ථාපනය කර රැකියා වලට යොමු කළ බවද අවධාරණය කළේය. එළඹෙන මහ මැතිවරණය ජයගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනත් රටවල් හා එළඹ තිබෙන සියලු ජත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් ගන්නා පියවර ප්‍රකාශයට පත්තර ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ගන්නා බවද ඇමැතිවරයා කීය. එම්.සී.සී ගිවිසුම සම්බන්ධව විවිධ අය නොයෙක් ප්‍රකාශ කළත් රජය ඒ පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් එම ගිවිසුම සම්බන්ධව කමිටුවක් මගින් පරීක්ෂණයක් කෙරෙන බවත් හෙතෙම පැවසුවේය. ජාතික නිදහසට ජනතාවගේ ආරක්ෂාවට අහිතකර එම ගිවිසුමේ අඩංගු භයානක වගන්ති පිළිබඳව පසුගිය ජනපතිවරණ සමයේ හෙළිකළ කරුණු වලට අදාළ මතය වෙනස්වී නොමැති බවද ඇමැතිවරයා කීය. කමල් සුරවීර - මහනුවර
 

More News..