brand logo

කරුක්කුපනය ග‍්‍රාම සේවා කොට්ඨාසය වහයි

14 June 2021

ආරච්චිකට්ටුව සෞඛ්‍ය බලප‍්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 35දෙනෙක් ඊයේ(13)දිනයේ වාර්තා වී තිබේ. මෙසේ වෛරසය අසාද්නය වී ඇත්තේ දැනට කොවිඩ් 19 වෛරසය අසාධිතව ප‍්‍රතිකාරක මධ්‍යස්ථාන වල ප‍්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින්ගේ ආශ්‍රිතයන්ය. මෙම සියලූ ආසාදිතයින්ගේ වාර්තාවීමත් සමග වේගවත් පැතීරීමක් ඇති කරුක්කුපනය ග‍්‍රාම සේවා කොට්ඨාසය තාවකාලික වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. බොහෝ ව්‍යපාරික ස්ථානවල ක‍්‍රියාවන් නිසා හා පුද්ගලින් නියමිත සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනිව ක‍්‍රියා කිරීමෙන් මෙම සීඝ‍්‍ර ව්‍යාප්තිය සිදුවන බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය අයි. එම්. සී. ජයසිංහ මහත්මිය පවසයි.
 

More News..