brand logo

කරුංකා සිද්ධියට සැක රේගු ලොක්කෙක්ගේ වැඩ තහනම්

19 November 2020

කරුංකා ප්‍රති අපනයන කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැක පිට සහකාර රේගු අධිකාරීවරයකුගේ වැඩ තහනමට ලක් කර ඇත. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝගය පරිදි මෙම පියවර ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා අරුණට පැවැසීය. කරුංකා ප්‍රති අපනයනය සිද්ධිය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නියෝගය පරිදි රේගු දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ වනවිට මූලික විමර්ශනය සිදු කරමින් සිටින බව ද හෙතම වැඩිදුරටත් පැවැසීය. ඉන්දුනීසියාවෙන් මෙරටට ගෙන්වූ කරුංගා කන්ටේනර් 21ක් වංචනික ලෙස ඉන්දියාවට ප්‍රතිඅපනයනය කළ බව හෙළිව තිබේ. මෙරටින් කරුංකා කන්ටේනර් හතරක් යවන අතරේ ඉන්දුනීසියාවෙන් ගෙන්වූ කරුංකා කන්ටේනර නීති විරෝධී ලෙස යවා ඇත්තේ බස්නායක එක්ස්පෝර්ට් හා මේරියම් ඉන්ටර්නැෂනල් යන සමාගම් දෙක බව අනාවරණය වී තිබේ.   සබැඳි පුවත් -
  • කරුංකා පන්නපු රේගු නිලධාරින් ගැන CID සොයයි - https://bit.ly/2UGiKY5
 
 

More News..