brand logo

කරුංකා පන්නපු රේගු නිලධාරින් ගැන CID සොයයි

18 November 2020

ප්‍රති අපනයන තහනම අස්සේ රුපියල් කෝටි තිස්පහක කරුංකා රටින් පැන්නූ සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත. නොවැම්බර් 16 වැනි සඳුදා ‘අරුණ’ ප්‍රධාන සිරස්තලයෙන් කළ හෙළිදරව්වත් සමග වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියමයෙන් මෙම පරීක්ෂණ ඇරඹී තිබේ. මෙයට අමතරව මේ සම්බන්ධව රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය යටතේද විශේෂ විමර්ශනයක් අරඹා ඇත. මෙම කරුංකා කන්ටේනර් රටින් පැන්නීමට සහය දුන් රේගු නිලධාරීන් ගැනද විමර්ශන ඇරඹී ඇත. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.ඩබ්ලිව්.කේ. විජේතුංගට ලද ඔත්තුවක් මත කළ විමර්ශනයකදී ඉන්දුනීසියාවෙන් මෙරටට ගෙන්වූ කරුංගා කන්ටේනර් 21ක් වංචනික ලෙස ඉන්දියාවට ප්‍රතිඅපනයනය කළ බව හෙළිව තිබේ. මෙරටින් කරුංකා කන්ටේනර් හතරක් යවන අතරේ ඉන්දුනීසියාවෙන් ගෙන්වූ කරුංකා කන්ටේනර නීති විරෝධී ලෙස යවා ඇත්තේ බස්නායක එක්ස්පෝර්ට් හා මේරියම් ඉන්ටර්නැෂනල් යන සමාගම් දෙක බව අනාවරණය වී තිබේ. ප්‍රතිඅපනයනය තහනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝගයක් ලබාදී තිබියදී රේගුවේ නිලධාරීන් කිහිපදෙනකුගේ සහයෙන් මෙම ජාවාරම කර ඇතැයි අනාවරණය වී ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..