brand logo

කරාපිටිය රෝහලේ හෙදියන් පහකට කොරෝනා

24 May 2021

කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 09 සේවයේ නියුතු හෙද නිලධාරිනියන් පස්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. පසුගියදා කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත. මේ හේතුවෙන් අංක 9 දරන වාට්ටුව වසාදැමීමට තීරණයක් ගෙන නොමැති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
 

More News..