brand logo

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදිතයි

08 January 2021

  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උගර, කන, නාසය පිළිබඳ වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (07 වැනිදා) තහවුරු වී ඇත. මෙම වෛද්‍යවරයා කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් කරවාගෙන තිබේ. එහි ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙම වෛද්‍යවරයා පසුගිය 26 වැනිදා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී රෝගියකුට සහ එදින වාට්ටුවේදී කෘත්‍රිම ස්වාසනාළයක් දමා ඇති රෝගියකුටද මෙම වෛද්‍යවරයා ප්‍රතිකාර කොට තිබේ. එම රෝගියකුගෙන් වයිරසය ආසාදනය වන්නට ඇති බවට සැක කෙරේ. එච්. එම්. සමන් - අක්මීමන
 

More News..