brand logo

කරාපිටිය රෝහලේ තවත් රෝගින් 04කට කොවිඩ්

18 January 2021

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත්තේ 36, කොරෝනා වාට්ටුවේ හා 25 හා 28 යන වාට්ටුවල ප්‍රථිකාර ලබමින් සිටි රෝගින් සිව් දෙනෙකු බවද ඒ මහතා පවසයි. 28 වාට්ටුවේ නේවාසික ප්‍රථිකර ලබමින් සිටි නෙළුව ප්‍රදේශයේ කාන්තාවක 25 වාට්ටුවේ සිටි රෝගියෙකුට හා 36 වාට්ටුවේ රෝගින් දෙදෙනෙකුට පි.සි ආර් පරික්ෂණවලදි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මෙම රෝගින් නෙළුව රත්ගම හා තිහගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. මෙකි රෝගින් ප්‍රථිකාර සදහා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමුකොට ඇති බව රෝහලේ ප්‍රකාශිකාවක් සදහන් කළාය. එමෙන්ම මෙකි රෝගින්ගේ වාට්ටුවල සිටි පළමුපෙළ ආශ්‍රිතයින් කිහිපදෙනෙකු හදුනාගෙන ඇති බවත් එම රෝගින් නිවෙස්වල නිරෝධායනය කටයුතු කිරිමට කටයුතු කරණ බවද එම ප්‍රකාශිකාව වැඩිදුරටත් සදහන් කළාය. ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා මේ සම්බන්දව අදහස් දක්වමින් මෙසේ කිවේය. මෙම රෝගින් සිව් දෙනා අතර නෙළුව ප්‍රදේශයේ රෝගින් දෙදෙනෙකු ඉන්නවා. කොරෝනා රෝග ලක්ෂණ ඇතිවුනොත් ඒ පිළිබද රෝහලකට පැමිණිමට පෙර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකතුමා ප්‍රදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දැනුවත් කරණ ලෙස ඉල්ලා සිටිනවා.රෝගියාගේ නිවසට ගිලන් රථ යවා එම රෝගින් රැගෙන යාමට කටයුතු කරණවා. රජය මගින් ඒ සදහා සියලු පහසුකම් ලබාදිලා තියෙනවා. කොරෝනා රෝග ලක්ෂණ ඇති රෝගින් රෝහලේ බාහිර ප්‍රථිකාර අංශයට ප්‍රථිකාර ගැනිමට පැමිණෙන විට සියල්ල නොසගවා ප්‍රකාශකරණ ලෙස ඉල්ලා සිටිනවා. දැනටමත් වෛද්‍ය වරුන් දෙදෙනෙකු හෙදි නිලධාරිණියකට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා එම නිසා රෝහල් කාර්යමණ්ඩලය ආරක්ෂා කිරිමත් ප්‍රජාවගේ වගකිමක් බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය. අක්මීමන එච් එම් සමන්
 

More News..