brand logo

කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

18 December 2020

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වන කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව අද දහවල් වන විට තවදුරටත් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. එම රෝහලේ පිළිකා ඒකකයේ 56 වන වාට්ටුවේ තවත් දසදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිෂානි උබේසේකර මහත්මිය පැවසීය. ඒ අනුව මේ වන විට එම රෝහලේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 15 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (17) 56 වාට්ටුවේ රෝගියෙකු අසල සිටි ඔහුගේ බිරිදට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග වාට්ටුවේ නේවාසිකව සිටින රෝගීන් සහ ඔවුන්ගේ උපස්ථාකයන් සදහා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මගින් මොවුන් කොවිඩ් ආසාදිතයින් බවට සනාථ කර ගෙන තිබේ. එමෙන්ම ඊයේ රාත්‍රීයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගෙන ඇති අතර, තවත් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඇත. එම පරීක්ෂණවල ප්‍රතිඵල වලට අනුව මෙම නව ආසාදිතයින් දසදෙනා අද දහවල් වන විට හදුනාගෙන තිබේ. ඒ අනුව මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ 56 වැනි වාට්ටුවට කිසිවකුට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩ ලැබෙන්නේ නැති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිෂානි උබේසේකර මහත්මිය වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..