brand logo

කරාපිටිය තවත් වෛද්‍ය සිසුවියකට කොවිඩ්

03 December 2020

ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ තවත් වෛද්‍ය සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (03) තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. ඇය කරාපිටිය වෛද්‍ය පිඨයේ අවසාන වසරේ ඉගෙනුම ලබන මාතර ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙකි වෛද්‍ය සිසුවිය මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වු සිසුවියගේ පළමු පෙළ ආශ්‍රිතයෙකි. පවතින තත්වය පිළිබද ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ පිඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහතාගෙන් අප කළ විමසුමකදි ඒ මහතා මෙසේ කිවේය. "කරාපිටිය වෛද්‍ය පිඨයේ කටයුතු සෞඛ්‍ය නිතිරිතිවලට අනුකුලව කරගෙන යනවා.දැනට තියෙන තත්වය පාලනය කරගන්න පුළුවන්. වෛද්‍ය සිසු සිසුවියන් දේශනවලට කැදවන්නේ නැහැ. සායන කටයුතු වලටත් සහභාගිකරවන්නේ නැහැ.දින දෙකකට තමයි මෙම තින්දුව ගත්තේ. වෛද්‍ය සිසු සිසුවියන් පි.සි.ආර් පරික්ෂණවලට ලක්කරනවා. නේවාසිකාගාරවල ඉන්න සිසු සිසුවියන් නේවාසිකාගාරවල ඉන්නවා. පරිස්සමට තමයි මේ තින්දුව ගත්තේ .කරන්න පුළුවන් දේශන පමණක් අන්තර්ජාලය හරහා සිදුකරනවා. ප්‍රායෝගික පරික්ෂණ සිදුකරන්නේ නැහැ. පවතින තත්වය සලකා බලා සදුදා වනවිට අපිට නැවත සාමන්‍ය පරිදි කටයුතු කරගෙන යන්න පුළුවන් වේවි" යැයි ද පිඨාධිපතිවරයා කිවේය.   එච්. එම්. සමන් - අක්මීමන
 

More News..