brand logo

කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න අංක තුනක්

03 November 2020

දැනට රටේ පවත්නා තත්වය හමුවේ කර්මාන්ත අංශය බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවරගෙන ඇත. ඒ අනුව කර්මාන්තකරුවන් සඳහා ගැටළු ඉදිරිපත් කිරීමට ඝෘජු දුරකථන අංක 3ක් හඳුන්වා දී ඇත. මෙමගින් ක්ෂණිකව විසඳුම් ගතහැකි බව කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරනවා. කර්මාන්තපුර තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත පිළිබඳ ගැටලු සඳහා - අධ්‍යක්ෂ - වින්දික පියරත්න මහතා - 0713 976406. කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනිකුත් කර්මාන්ත සඳහා - අධ්‍යක්ෂ - රසික විජේකෝන් මහතා - 0113 158114. ආනයන තීරුබදු පිළිබඳ ගැටලු සඳහා - අධ්‍යක්ෂිකා - සිතාරා ජයසේන මහත්මිය - 0770820775.
 

More News..