brand logo

කරන්ට් වදින ගිවිසුමකට විදුලියේ ලොක්කෝ එකඟ වෙලා

10 August 2019

තුර්කි නැව් දෙකකින් මෙගාවොට් 400 ක විදුලිය මිලදී ගත්තත්, නැතත් මුදල් ගෙවිය යුතු බවට අදාළ සමාගමේ සඳහන්ව ඇති ගිවිසුමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාව පළ කර තිබූ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. තුර්කි නැව් දෙකකින් විදුලිය ලබා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගියදා විදුලිබල අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූවද, ඊට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා දන්වා තිබුණි. ලංකා විදුලිබල මණ්ඩලය තුර්කි නැව් දෙකකින් මෙගාවොට් 400 ක විදුලිය ලබා ගැනීම සම්බන්ධව මෙතෙක් සිය අවසරය ලබාගෙන නොමැති බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. මේ වසරේ ජනවාරි මාසයේදී රටේ විදුලි හිඟය පැවතියේ මෙගාවොට් 30 ක් වුවද, මෙම තුර්කි නැව් දෙක මෙරටට පැමිණි පසු විදුලි අවශ්‍යතාව මෙගවොට් 470 දක්වා විදුලි බල අමාත්‍යාංශ බලධාරින් ඉහළ දැමූ බවද එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..