brand logo

කරදියානට මිශ්‍ර කුණු දැමීම තහනම්

31 August 2020

කරදියාන කුණු කන්දේ භූමි ස්ථායීතාව පිළිබඳව ඇති වූ බරපතළ ආපදා තත්ත්වයක් හේතුවෙන් හෙට (1) සිට ක්‍රියාත්මක වන පරිදි මිශ්‍ර කසළ සහ අවශේෂ කසළ කුණු කන්දට බැහැරලීම තහනම් කර ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසයි. කරදියාන කුණු කන්දට කසළ බැහැර කරන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව,මොරටුව මහනගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සහ කැස්බෑව නගර සභාව, බොරලැස්ගමුව නගර සභාව, මහරගම නගර සභාව මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභාවට මෙම තහනම බලපැවැත්වෙනු ඇත. කරදියාන කුණු කන්දට කසළ මුදාහැරීම අවසන් සීමාවට පැමිණ තිබෙන අතර මෙය ආපදා තත්වයක් ලෙස සළකා කටයුතු නොකළහොත් කුණු කඳු කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසයි. අධිකාරිය මගින් පෞද්ගලික ආයතනයක් සමග සම්බන්ධ වෙමින් 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ඇරඹීමට සැලසුම් කර තිබු දිනකට මෙට්‍රික් ටොන් 500 ධාරිතාවයෙන් යුතු විදුලි ව්‍යාපෘතිය ප්‍රමාදවීම ස්ථායිතාවයේ මෙම තත්ත්වය උදාවීමට හේතු වී ඇත. විදුලි ව්‍යාපෘතිය බලගන්වන තුරු විකල්ප ස්ථාන හඳුනාගන්න ලෙසටත් ඒ ඔස්සේ ක්‍රියාත්මක වන ලෙසටත් පළාත් පාලන ආයතන දැනුවත් කර ඇත. එහි මුලික පියවරක් ලෙස ඉඳුල් අපද්‍රව්‍ය 10% දක්වා අඩු කරන ලෙසද දැනුම් දී තිබුණද එය කළමනාකරණය කිරීම ඉතාමත් ඍණ මට්ටමේ පවතී.
 

More News..