brand logo

කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයෙන් කෑල්ලක් ගලවයි?

12 August 2019

ඉකුත් සඳුදාවේ එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන්නට නියමිතව තිබුණු ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ බිහිකිරීමේ සමුළුව නොපැවැත්වුණු අතර ඊට හේතු වී තිබුණේ කලින් සතියේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම නව පෙරමුණේ ව්‍යවස්ථාවට එරෙහි වීමයි. කෙසේවෙතත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී මෙම නව පෙරමුණු ව්‍යවස්ථාවට එරෙහි වූ පිරිස් පසුගිය සතියේ දී එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් වෙත සංශෝධන කිහිපයක් ද භාරදුන්නේ ය. මේ අතර ඉකුත් සතියේ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ද ‘නව පෙරමුණ’ සම්බන්ධයෙන් වන විරෝධතා ගැන සාකච්ඡා වූ නමුත් එකඟතාවක් ඇති වූයේ නැත.
 

More News..