brand logo

කබීර්ට විනය පරීක්ෂණයක්

27 July 2019

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පත් කළ යුතු බවට පක්‍ෂයේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. පසුගිය සඳුදා පැවැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පක්‍ෂ සභාපති කබීර් හෂීම් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි. පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු කරුණක් බව පක්‍ෂ නායකත්වයේ අදහස වී තිබේ. නමුත් පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමට එම යෝජනාව ඉදිරිපත් කර පක්‍ෂයේ අර්බුදයක් නිර්මාණය කිරීමට පක්‍ෂ සභාපතිවරයා කටයුතු කළ බව කියමින් විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. උදයජීව ඒකනායක
 

More News..