brand logo

කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදි පීනා පලා යන වළි කුකුළා (Photos)

03 December 2018

කාසල්රි ජලාශ රක්ෂිතයේ වෙසෙන වළි කුකුලෙක් කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප කැමරා කාචයේ සටහන් වුණා. කාසල්රි ජලාශ රක්ෂිතයේ වලි කුකුලන් විශාල වශයෙන් වෙසෙන අතර එම වලි කුකුලන්ට ජලාශය අවට සැරිසරන කපුටන්ගෙන් නිතර නිතර ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. වලි කුකුලා පියාඹන අවස්තාවේ කපුටන්ද පියඹා ගොස් ප්‍රහාර එල්ල කරන නිසා වලි කුකුලන් කාසල්රි ජලාශය හරහා පිනා ගොස් එගොඩ වි රක්ෂිත තුලට දිව යන බවයි එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටින්නේ. හැටන් - රංජිත් රාජපක්ෂ  
 

More News..