brand logo

කපුගේ ශුරීන්ගේ ජන්ම දිනය මහ ඉහළින් සැමරේ

07 August 2019

කපුගේ පදනම සංවිධානය කරන විශාරද ගුණදාස කපුගේ ගාන්ධර්වයාණන්ගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන් ලේ දන් දීමේ කදවුරක් සහ පුෂ්පෝහාර පිදීමක් අද (07) වන දින දවස පුරා ඇල්පිටිය, කහදූව, මිරිස්වත්තේ පිහිටි කපුගේ ශූරීන්ගේ ස්මාරකය අහියසදී පැවැත්වීණි. විශාරද ගුණදාස කපුගේ පදනම මගින් ලේ දන් දීමේ පිංකම හා කපුගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම පවුලේ ඥතින්ගේ මුලිකත්වයෙන් කෙරිණි. කපුගේ ශූරීන්ට ආදරය කරන සියළු දෙනාම ඇල්පිටිය,කහදූව, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි කපුගේ පිළිරුව පැමිණි සිටියහ. පෙළින් පෙළට සරිගමපදනිස සේ කපුගේට ආදරය කරන ආනන්දණිය මිනිසුන් පිළිරුව අභියසට එක්ව සිටියහ.සංඝයා වහන්සේලා ත්‍රිවිද හමුදාවේ හා පොලිසියේ නිලධාරින් ද දැකිය හැකි විය.කපුගේට ආදරය කරන කලාකරුවන් හිතවතුන් හා සියලුම දෙනා මෙම අවස්ථාවට එක්ව සිටියේ සුන්දර කලාකරැවකට ගරුත්වය දක්වන්නටය. ඒ පිරිස දෙස බලන විට ගුණදාස කපුගේ මියගොස් ඇද්දයි සිතන්නට නොහැකි තරම් විය. ගුණදාස කපුගේ නැති බවක් දැකිය නොහැකි විය. සියල්ලෝම සමාධිගතව නින්නාදගතව සිටියේ මේ ආදරණිය කලා කරුවට තිබෙන ආදරය නිසාය. නිමල් අල්ගෙවත්ත
 

More News..