brand logo

කඳුකර කොටියෙකුගේ මළ සිරුරක් ආගරපතන ප්‍රදේශයේ

05 July 2021

මිය ගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් තලවකැලේ, ආගරපතන,ග්ලාස්ගෝ වත්තේ තණ පිටිටනියක් අසල ප්‍රදේශයක තිබියදී 04 දා සොයා ගත් බව ඩයගම පොලීසිය පවසයි. වයස අවුරුදු හතරක් පමණ වන අඩි හතරක දිගකින් යුතු හොදින් වැඩුණු කඳුකර කොටි දේනුවක් මෙසේ මිය ගොස් සිටි බවත් එම සතාගේ බෙල්ලේ ඇතුලත කොටසේ කැපුම් තුවාලයක් වැනි දෙයක් දක්නට පැවැති බව වනජීවී නිලධාරීහු පවසති. කොටි දේනුවගේ මළ සිරුර මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීම සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට රැගෙන යාමට පියවර ගත් බව නවජීවී නිලධාරීහු කියති. මෙම සතා මෙසේ මිය ගොස් ඇත්තේ කුමණ අයුරකින්ද යන්න පිළිබඳව සිදු කරන ලද මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණය කරගත හැකි බව වනජීවී නිලධාරීහු පවසති. එම තොරතුරු අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවද ඔවුහු සඳහන් කරති. චන්දන ජයවීර - හැටන්    
 

More News..