brand logo

කඳුකරය වියළෙයි - අනුරාධපුරයට ජල අර්බුදයක්

13 July 2019

කඳුකරයේ මහවැලි ජලාශ්‍ර ආශ්‍රිත ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා අනුරාධපුර ප්‍රදේශයේ වැව්වලට ජලය සැපයීමට නොහැකිවීමෙන් පානීය ජල අර්බුදයක් උද්ගත වනු ඇතැයි මහවැලි අධිකාරිය සහ ජල මණ්ඩලය සඳහන් කරයි. අනුරාධපුර නගරයට ප්‍රධාන වශයෙන් තුරුවිල වැවෙන් සහ තිසා වැවෙන් ජලය සැපයෙන අතර මෙම වැව් දෙකෙහිම වැව් ධාරිතාව විශාල ලෙස පහත වැටී ඇතැයි අනුරාධපුර ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. මෙම තත්ත්වය මත අගෝස්තු මාසයේ අනුරාධපුර නගරයේ සහ අනුරාධපුර දකුණු කොටසේ ජල සැපයුම් මධ්‍යස්ථාන තිස්දහසකට (30,000) පමණ ජලය සැපයීම අර්බුදයක් වනු ඇතැයිද එම කාර්යාලය පවසයි. මහවැලි ජලාශවල ජල ධාරිතාව ඉතා ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා ඉදිරි දිනවලදී විදුලි බල නිෂ්පාදනය සඳහා ජලය සැපයීමේ ගැටලු පැනනගිනු ඇතැයිද මහැවලි අධිකාරිය පවසයි. වික්ටෝරියා ජලාශයේ සක්‍රිය ධාරිතාව සියයට 14.1ක් දක්වාද, කොත්මලේ ජලාශයේ සක්‍රීය ධාරිතාව සියයට 37.1ක් දක්වාද පහත වැටී ඇත. මෙම තත්ත්වය මත ඉදිරි යල කන්නයේ වගා කටයුතුවලට ජලය සැපයීමද ගැටලුවක් වී ඇතැයි මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..