brand logo

කන්දකාඩු සිට ගෙදර යන අතරමගදි සූර් වෙලා

10 November 2020

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායනයවී නැවත නිවෙස් බලා පැමිණෙමින් සිටි පිරිසක් බස් රථය අතරමග නවතා මත්පැන් පානය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේ මෙම පිරිස ගම්පහ ප්‍රදේශ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය අතරමග නවතා මෙම මත්පැන් සාදය පවත්වා ඇති බවයි. ඉන් අනතුරුව බීමත්ව සිටි මෙම පිරිස බස් රථය තුළ ද කළහකාරී ලෙස හැසිරී තිබේ. මේ සම්බන්ධයෙන් පොලීසියේ උසස් නිලධාරීන්, හමුදාව සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කළ බව වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..