brand logo

කන්දකාඩු කොවිඩ් පොකුරේ ඊයේ වැඩිම පිරිස මහනුවරින්

15 July 2020

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් පොකුර ඊයේ (14 වැනිදා) වන විට තවත් ප්‍රදේශ කිහිපයකටම ව්‍යාප්ත වී තිබේ. කැකිරාව, හෝමාගම, අකුරැස්ස, රත්නපුර, තංගල්ල, මහනුවර, බඹරදෙණිය, හසලක, ගම්පොළ, රාජාංගනය, කන්තලේ, රාගම සහ මොරටුව යන ප්‍රදේශවලින් ඊයේ නව ආසාදිතයන් හඳුනා ගැනිණි.
එම ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් 661 දෙනකු ඊයේ (14 වැනිදා) දිනයේදී ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. ඒ අනුව පසුගිය 07 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම මධ්‍යස්ථානයෙන් පමණක් ආසාදිතයන් 516 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. කොවිඩ් -19 වයිරසය ආසාදිතයන් අතරින් මේ වනවිට පුද්ගලයන් 1988 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි. මේ අතර ආසාදිතයන් 658ක් රෝහල් අටක ප්‍රතිකාර ලබන බවද එම අංශය සඳහන් කළේය. මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2657කි. චාමර පල්ලේගෙදර
 

More News..