brand logo

කථානායක ආ මග හරස් වෙයි

27 April 2021

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ද සමග අද (27) පෙරවරුවේ මාතර වැලිගම චාලිමෝවුන්ට් වත්තේ නිරීක්ෂණයක නිරතව තිබේ. ඒ රජයට අයත් එම භූමියේ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා නිරීක්ෂණය සඳහා ය. මෙහිදී වතුයායේ සේවකයින් ඔවුන්ගේ පැමිණීමට විරෝධය පළ කර ඇත. එම පිරිස පෙන්වා දී ඇත්තේ කර්මාන්ත පුරයක් ඉදි කිරීමට කටයුතු කළහොත් තම රැකියා අහිමි වන බවය. අනතුරුව කථානායකවරයා ප්‍රමුඛ මන්ත්‍රිවරුන්ට ඉඩම නිරීක්ෂණය කිරීමට සිදු වූයේ පොලීසියේ මැදිහත්වීම මතයි.
 

More News..