brand logo

කථානායකවරයා කොවිඩ් එන්නත විද ගනී

17 February 2021

පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නරාහේන්පිට යුධ හමුදා රෝහලේ දී අද(17) පෙරවරුවේ දී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගෙන ඇත. කොවිඩ් වසංගතය මර්ධනය කිරිම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම උදෙසා කථානායකවරයා මෙලෙස එන්නත ලබා‍ ගත් බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේය. එම එන්නත ලංකාවට ලබාදීම සම්බන්ධව ඉන්දීය රජයට සිය ස්තූතිය පළ කළ කථානායකවරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් අද (17) දහවල් 12 වන විට "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා"එන්නත ලබාගෙන තිබේ.
 

More News..