brand logo

කථානායකගේ උපදේශකයන් දෙදෙනෙක් තවම වැඩ

07 March 2020

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයද අවසන් වන බව සඳහන් කරමින් මහ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දී ඇතත් උපදේශකයන් දෙදෙනකුගේ නම් ඊට ඇතුළත් කර නොමැති බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පෞද්ගලික ලේකම්වරයෙක්, මාධ්‍ය ලේකම්වරයෙක්, සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනකු, මහජන සම්බන්ධතා නිලධාරියකුද, ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරීන් තිදෙනකුද, පෞද්ගලික සහකාර නිලධාරිවරයකු, කළමනාකරන සහකාරවරුන් පස්දෙනකු, ඡායාරූප ශිල්පීන් දෙදෙනකු හා සහායකයකුද, රියැදුරන් එකොළොස් දෙනකු හා කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනකු ඇතුළු කිහිප දෙනෙකුගේ සේවය අවසන් වන බව සඳහන් කර ඇත. ඊට අමතරව කථානායක නිල නිවසේ සේවය කළ පෞද්ගලික කාර්ය මණ්ඩලය 15 දෙනකුගේද සේවය මෙසේ අවසන් කර තිබේ. කෙසේ වෙතත් සංහිඳියාව පිළිබඳ කාර්යාංශයේ කථානායකවරයාගේ විශේෂඥ උපදේශකවරයාගේ හා කථානායකවරයාගේ විශේෂ උපදේශකවරයාගේ සේවය අවසන් වන බව එහි සඳහන් කර නොමැත.   චමින්ද සේනාරත්න
 

More News..