brand logo

කතරගම වල්ලි මාතා දේවාලයේ ප්‍රධාන කපු මහතාට කොවිඩ්

27 January 2021

කතරගම මහා දේවාල භූමියේ පිහිටි "වල්ලි මාතා දේවාලයේ" ප්‍රධාන කපු මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් - 19 වෛසරය ආසාදනය වී ඇති බව ඊයේ (26) තහවුරු වී ඇත. ප්‍රධාන කපු මහතාගේ බිරිඳ පසුගියදා කතරගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ මළ ගෙදරකට සහභාගීවීම හේතුවෙන් දෙබරවැව රෝහලේ කොරෝනා ඒකකයට යොමුකර තිබු අතර එහිදි ඇය ආසාදිත බව තහවුරු වී ඇත. ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ඇයගේ සැමියාවන දේවාලයේ කපු මහතාටත් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහිදී ඔහුටත් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත. ඒ අනුව එම දේවාල භූමිය විෂබීජහරණය කොට දේවාලයේ සේවකයින් සියලුදෙනා නිරෝධයට යොමුකර තිබේ.
 

More News..