brand logo

කතරගම රථවාහන OICට කොවිඩ්

11 February 2021

කතරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. නිදහස් උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම පී.සී.ආර් වාර්තාව අනුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව කතරගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි දේව නාරායන මහත්මිය සඳහන් කරයි. ඒ අනුව ස්ථනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු ඇසුරු කළ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
 

More News..