brand logo

කතරගම සංචාරයේ ගිය අයෙකුට කොරෝනා

09 October 2020

පසුගිය 29 වැනිදා සිට 04 වැනදා දක්වා කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් සමග සංචාරයේ නිරතවී ඇත. එම පුද්ගලයා ගම්පොල, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ. සෞඛ්‍ය අංශ විසින් ඊයේ රාත්‍රීයේ ආසාදිත පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව වාර්තා වේ.
 

More News..