brand logo

කතරගමට එන අයට දැනුම්දීමක්

08 December 2020

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග විනෝද ගමන් සහ වන්දනා කටයුතු යොදා ගනිමින් කතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයන්හි ලැගුම් ගැනීමට පැමිණීමට බලාපොරොත්තු වන ජනතාවට කගරම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා විසින් දැනුම්දීමක් සිදුකර ඇත. ඒ මහතා සදහන් කළේ කතරගම ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයින් තමන් පදිංචි කොට්ඨාසයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරියකුගෙන් ලිපියක් රැගෙන ආ යුතු බවයි. කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි අයෙකු වේ නම් ඔහු හෝ ඇය පූර්ණ සුවය ලබා ඇති බවටත්, නිරෝධායනය වී සිටි පවුල් ඒකකයක් නම් නියමිත කාලය සාර්ථකව අවසන් කොට ඇති බවට සහ යහපත් සෞඛ්‍යය තත්ත්වයකින් පසුවන බවටත් අදාළ ලිපියේ දක්වා තිබිය යුතු බව සමන් දිසානායක මහතා පැවසීය.
 

More News..