brand logo

රත්නපුර සිසුවාට හිංසා කිරීම උපන් දින ‘රැග් එකක්’

24 February 2020

අන්තර්ජාලයේ සංසරණය වූ රත්නපුරයේ පාසල් සිසුවකුගේ දෑත් බැඳ හිංසනයට ලක් කෙරෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත. 119 අංකයට ලද දුරකථන ඇමතුමකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එහිදී හෙළිවී ඇත්තේ එම සිසුවාගේ උපන් දිනය යෙදී තිබුණු දින යහළුවන් විසින් ඔහුගේ දෑත් බැඳ බිත්තරවලින් පහර දී ඇති බවය. රත්නපුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මෙහි විමර්ශන සිදු කළේය.   හේමන්ත ලියනපතිරණ
 

More News..