brand logo

කණ්ඩායමේ නායකයා විදිහට ලාබාල ක්‍රීඩකයන්ට ආදර්ශයක් වෙන්න ඕනේ

05 April 2019

ක්‍රීඩාවේ නිරතව සිටින විට තමන් කොතරම් අසීරු තත්ත්වයක සිටියත් කණ්ඩායම වෙනුවෙන් හොදින් ක්‍රීඩාකිරීම ක්‍රීඩකයෙකුට හැකියාව තිබිය යුතු බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. ඊයේ පැවැති සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය. ඊයේ දිනයේ පැවැති තරගයේදී මාලිංග කඩුළු 7ක් පල්ලේකැළේ පිටියේදී දවාගත් අතර, ඊට පෙරදින මාලිංග විසින් මුම්බායේ වන්කඩේ පිටියේදී කඩුළු 3ක් දවාගෙන තිබේ. පල්ලේකැළේ පිටියේදී ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව මාලිංග මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින් වේ.... ඊයේ (03) රෑත් මැච් එකක් සෙල්ලම් කරලා ආවේ. ඉතිං මේ ඇවිල්ලා තාම නිදි නැහැ. ඊයේ (03) රෑ 1ට මුම්බායි වල ඉදලා කැන්ඩි වලට ආවේ කෙළින්ම. දැන් දඹුල්ල යනකොට නිදාගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතිං ගොඩක් සන්තෝසයි තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණාට. ඒ වගේම කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි. මං හිතන්නේ කණ්ඩායමේ නායකයා විදිහට ලාබාල ක්‍රීඩකයන්ට ආදර්ශයක් වෙන්න ඕනේ. ඔවුන් දැනගන්න ඕනේ ක්‍රීඩා කරද්දි කොච්චර අමාරු තත්ත්වයන් තිබුණත් හොදින් ක්‍රීඩා කරන්න. ඉතිං මං හිතනවා ඒක තමයි ජාතික කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රීඩකයෙක්ගෙන් අවශ්‍ය දේ. https://youtu.be/rwIhHG9anAA  
 

More News..