brand logo

කණ්ඩලම වැව් ඉස්මත්තේ  මුව මස් ජාවාරමක්

22 August 2018

තිදෙනකු අත්අඩංගුවට වන සතුන් දඩයම් කර මස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයින් තිදෙනෙකු මුවෙකු ඝාතනය කොට මස් කරමින් සිටියදී අද (22) දින කණ්ඩලම වැව් ඉස්මත්තේදී ගිනි අවියකුත් සමගඅත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසියසමත්ව තිබේ. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට  ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් කණ්ඩලම වැව් ඉස්මත්තේ රැකවල්ලා සිට අදාළ පුද්ගලයන් තිදෙනා කොටුකර ගෙන ඇත. සැකකරුවන් තිදෙනා සතුව තිබී  ගිනි අවියක්, ජීව උණ්ඩ කිහිපයක්, පිහි හා විදුලිපන්දම් කීපයක් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුහු දඹුල්ල කලෝගැහාල  ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ මේ දිනවල පවතින දැඩි නියඟ තත්ත්වයත් සමග දියකඩිතිවලට පැමිණෙන වනසතුන් මරා කිලෝවක් රුපියල් 1500ක පමණ  මුදලකට අලෙවි කිරීම කාලයක් මුළුල්ලේ සිදුකර ඇති බවයි. සැකකරුවන් සහ ගිනිඅවි දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත්  වික්‍රමරත්න  මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන ඒ. ටී. බණ්ඩාර,  භානු ද සිල්වා, පොලිස් සැරයන්  සෝමසිරි28902, පොලිස් කොස්තාපල්වරුන් වන සෙනවිරත්න45582, දසනායක53554, රණවිර23519, සිල්වා75706 යන නිලධාරීහු  වැටලීම සිදු කළහ.
 

More News..