brand logo

කඩුළු 6කින් පරාජය ලැබුවත් ඉසුරු වාර්තා අලුත් කරයි

14 March 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති සිව්වැනි එක්දින තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු පිල ඊයේ සමත්විය. ඒ කඩුළු 6කිනි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 39යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කර ගනු ලැබුවේ ලකුණු 189ක් පමණි. ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවක දැවී ගිය මොහොතක ඉසුරු උදාන විසින් හුදලකා සටනක නිරත විය. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් ලකුණු 78ක් ලබාගත්තේය. ඊට හයේ පහර 4ක් සහ හතරේ 7ක් ද ඇතුළත් විය. ඉසුරු උදානගේ මෙම ලකුණු සංඛ්‍යාවත් සමග නව වාර්තාවක් ද බිහිවිය. එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 10 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු සබදතාව වේ. ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දස වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ 22 වැනි වාර්තාව ද වේ. මෙම තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 32යි පන්දු 5කදී ලකුණු 190ක් ලබාගනිමින් ජයග්‍රහණය තහවුරු කර කළේය. දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් සුපුරුදු රිද්මයෙන්ම ක්‍රීඩා කළ ක්වන්ටන් ඩි කොක් ලකුණු 51ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව ඩුප්ලසිස් ලකුණු 43ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ධනංජය ද සිල්වා කඩුළු 3ක් දවාගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගාවලිය මේ වන විට තරග 4ට 0ක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ජයගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 10 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු සබදතාව ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දස වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ 22 වැනි වාර්තාව https://youtu.be/XhbZLsMomQQ https://youtu.be/ITpdgDO9pQA
 

More News..