brand logo

කඩුළු 10ක් දවා ගනිමින් මලින්ද වාර්තා අලුත් කරයි

07 January 2019

ශ්‍රී ලංකාවේ වමතින් දග පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර විසින් කඩුළු 10ක් දවා ගනිමින් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කර තිබෙනවා. ඒ අනුව පළමු පංතියේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු විසින් අඩුම ලකුණු සංඛ්‍යාවක් ලබාදෙමින් කඩුළු 10ම දවාගත් පළමු අවස්ථාව මෙය වනවා. පන්දුවාර 18යි පන්දු 4කදී නිපන්දු පන්දුවාර 4ක් යවමින් ලකුණු 37ක් පමණක් ලබාදෙමින් මලින්ද පුෂ්ප කුමාර විසින් මෙලෙස දවාගනු ලැබුවේ Saracens Sports Club කණ්ඩායමට එරෙහිවයි. මලින්ද පුෂ්පකුමාර නියෝජනය කරනු ලබන්නේ කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායමයි. මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටියර් ඒ ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගිය 4 වැනිදා Saracens Sports Club කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේදී කඩුළු 6ක් මලින්ද විසින් දවාගත් අතර, දෙවැනි ඉනිමේ දී ඔහු විසින් කඩුළු 10 දවා ගැනීම වාර්තාවක් බවට සනිටුහන් වුණා. ශ්‍රී ලංකාවේ පළමු පංතියේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ මීට පෙර ඉනිමකදී කඩුළු 10ක් දවාගනු ලැබුවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින්. ප්‍රමෝද්‍ය ලකුණු 41කටයි කඩුළු 10 දවාගනු ලැබුවේ. ඒ අනුව මලින්ද පුෂ්ප කුමාර විසින් ලොව පළමු පංතියේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ කඩුළු 10 ලබාගත් හොදම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 13 වැනි ස්ථානයේ රැදී සිටිනවා.  
 

More News..