brand logo

කඩුළු රකින්නෙකු නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම වැට උඩ

07 December 2018

ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලොව සිව්වැනි හොදම කණ්ඩායම වන නවසීලන්ත කණ්ඩායම සමග තරග වැදීමට එහි ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන තුරුත් කණ්ඩායමේ කඩුළු රකින්නා පිළිබදව ගැටළුවක් මතුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රැකීමේ හැකියාව තිබෙන්නේ ක්‍රීඩකයින් සිව්දෙනෙකුට වන අතර, එම ක්‍රීඩකයින් වන්නේ නායක දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රමයි. මෙම කඩුළු රකින්නන් අතර කණ්ඩායමේ අංක එකේ කඩුළු රකින්නා ලෙස නම් කර තිබෙන්නේ නිරෝෂන් දැල්වැල්ලය. නවසීලන්ත සංචාරය බලා පිටත්ව යාමට පෙර නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින්නා පිළිබදව තණතීරු බලා තීරණය කරන බවයි. තණතිලි වල ස්වභාවය බලා කණ්ඩායමට හොදම කඩුළු රකින්නා තේරීම බලාපොරොත්තුව බවද චන්දිමාල් වැඩිදුරටත් එහිදී කියා සිටියා.
 

More News..