brand logo

කඩුවෙල නගර සභාවේ රියදුරෙක්ට කොවිඩ්

09 November 2020

කඩුවෙල මහ නගර සභාවේ රියදුරෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. පසුගිය සෙනසුරාදා නගර සභා සේවකයන්ට සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද (09) පෙරවරුවේ ලැබී ඇති අතර එහිදී අදාළ රියදුරා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත. කඩුවෙල පිට්ටුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ නිවෙසේ පදිංචි ආශ්‍රිතයින් 8දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පවසයි. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ මොහු නගර සභාවට පැමිණ නොමැති අතර අද පෙරවරුවේ එම රියදුරා නගර සභා පරිශ්‍රයට පැමිණීම හේතුවෙන් නගර සභාව වසා දමා විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සේවා සඳහා විවෘත කළ බව නගරාධිපතිවරයා පවසයි.
 

More News..