brand logo

කඩුවෙල මංසන්ධිය සහ වෙළේ මංසන්ධියෙන් රථවාහන ගමනාගමනය සීමා කෙරෙයි

04 August 2019

කඩුවෙල, නවගමුව පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර හේතුවෙන් අද පෙරවරු 11 සිට කඩුවෙල මංසන්ධිය සහ කඩුවෙල වෙළේ මංසන්ධියෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අද උදෑසන 11.30 සිට දහවල් 1.30 දක්වා කාලසීමාව තුළ එම මාර්ගය භාවිතා කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි. කොළඹ දෙස සිට මාර්ග අංක 143 හංවැල්ල, කොළඹ මාර්ගයේ පැමිණෙණ වාහන කඩුවෙල මංසන්ධියෙන් දකුණට හරවා මාළඹේ, අතුරුගිරිය හරහා කඩුවෙල මාර්ගයේ වෙළේ හන්දිය දක්වා පැමිණ හංවැල්ල දෙසට ගමන් කළ හැකි අතර හංවැල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන කඩුවෙල - වෙළේ හන්දියෙන් වමට හරවා 697 මාර්ගයේ අතුරුගිරිය දක්වා ගමන් කර දකුණට හරවා මාළඹේ හරහා කඩුවෙලට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකි බවද ඔවුන් දන්වා සිටියි.
 

More News..