brand logo

කඩුවක් නිසා මහ අවුලක් - ගාල්ල ඉමදුව සභාවේ මහ ගාල ගෝට්ටියක්

14 May 2019

ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීම 14 දින පැවති අවස්ථාවේ දී එම සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී රේණුකා සංජීවනී මහත්මිය කඩුවක් රැගෙන ඒම නිසා ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් විය. ඉමදුව පා දේශීය සභාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර (පොදුජන පෙරමුණ) මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී රැස් වු අතර එහි දී සභාව පැවැත්වෙමින් තිබු අතර තුර එක්වරම රේණුකා සංජීවනී (පොදුජන පෙරමුණ) මන්ත්‍රීවරිය කඩුවක් ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙන්වන්නට විය. අද මේක හරි ජනප්‍රියයි. මේකෙන් මොකක්ද දන්නවද කරන්නේ තණකොල කපනවා. ආ මේ බලන්න. ඔබතුමියලගේ පක්ෂයේ සමහර ඇමතිවරු කියන්නේ මේකෙන් තණ කොල කපනවා කියලා. අනිත් ඇමතිවරු කියනවා මේක ගෑණු ළමයින්ගේ ආරක්ෂාවට කියලා. එජාපයේ ඇමතිවරුන් කියන විදියට නම් අපිට පුළුවන් කඩුවක් අරන් යන්න. රේණුකා සංජීවනී මන්ත්‍රීතුමිය මෙසේ ප්‍රකාශ කරමින් කඩුව විපක්ෂය දෙසට පෙන්වීමත් සමඟින් විපක්ෂයේ එජාප මන්තීවරියන් හා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අරුණ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විරෝධය පල කිරීමත් සමඟ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද නැවත විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරෝධය දක්වන්නට විය. එහි දී සභාවේ ඇතිවුයේ එකම ගාලගොට්ටියකිග අපි කඩු ගෙනාවමද අමාරු, ආණ්ඩුව හංඟන කඩු පේන්නේ නෑ. අද මාධ්‍යයේ දෙන්නේ නෑ, මෙච්චර කල් අහුවුන කඩු ගැන සද්ද නෑ, ඇයි අපි කඩු ගෙනාවමද අමාරු, කියමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීරුන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරෝධය දක්වද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද විරෝධය දක්වන්නට විය. මේ මන්ත්‍රීතුමිය වහාම සභාවෙන් ඉවත් කරන්න. මෙහෙම කරන්න දෙන්න බෑ. මේක සභාවක් ද ? මම පඹයා ගේනාවම මට සභාව තහනම් වුනා. අපි කඩු එපා. අපි කඩුවලට විරුද්ධයි. ලෙස කියමින් විනාඩි 15 ක පමණ කාලයක් තුල පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ගාල ගෝට්ටිය පාලනය කිරීමට සභාපතිවරයා කිහිප අවස්ථාවකදී ම උත්සාහ කරත් එය සාර්ථක නොවීය. වහාම මේ කඩුව ඉවත් කරන්න කියන්න. නැතිව සභාව ගෙනියන්න බෑ. කඩුව ඉවත්කරන්න ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලීම් කරන්නට විය. නෑ නෑ මේක ඇත්ත කඩුවක් නෙවේ. මේක කාඩ් බෝඩ් කඩුවක්. මම මේ කඩුව ගෙනාවේ කඩුවේ වටිනාකම පෙන්වන්න. ඔබතුමියලාගේ ඇමතිවරු කියන්නේ මෙකෙන් තණකොල කපනවා කියලා. ඉතින් ඇයි මේ කඩුවට බය කියමින් නැවත රේණුකා සංජීවනී මන්ත්‍රීතුමිය අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ නැවත සභාව උණුසුම් විය. මේ අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජිත් පතිරණ මන්ත්‍රීවරයා විසින් අදාල කඩුව විපක්ෂය දෙසට ලබා දුන් අතර එහි දී විපක්ෂ නායිකා කණ්ඩම්බි මහත්මිය විසින් එම කඩුව සභා ගර්භයෙන් එලියට විසිකරන ලදී. සුනෙත් ගාල්ලගේ
 

More News..