brand logo

කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ඉල්ලයි

29 November 2018

කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රාශියකටම මිළ කළ නොහැකි තරමේ අලාභ හානියක් සිදුකර ඇති බව අප වෙත වාර්තා වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන ජාවාරමක් කරගෙන යාමේ අරමුණින් ආරම්භ කර ඇති කෞතුකාගාර සමාගමක් පවත්වාගෙන යන ජාවාරම් කාරයෙකුගේ අවශ්‍යතාව සඳහා කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ කොළඹට ප‍්‍රවාහනය කිරීම සඳහා කටයුතු කිරීමේදී මෙම හානිය සිදුකර ඇත. මෙම ජාවාරම් කරු මුදල් වැයකර, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කාර්යයට යොදවා ගෙන ඇති බව දැනගැනිමට ඇත. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු යන්ත‍්‍ර සූත‍්‍ර ද යොදාගෙන සිදුකරන මෙම විනාශය වහාම වැලැක්විය යුතුය. දැනටමත් එස්. 3 වර්ගයේ 613 දරණ එන්ජිම, දොඹකරය හප්පා කඩාදමා ඇති අතර, ලංකාවේ පළමු දුම්රිය මැදිරිය හරි මැදින් කඩාදමා ඇත. තවත් පෞරාණික වටිනාකමින් යුත් දුම්රිය දේපල රාශියක්ම විනාශකර ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට මිළ කළ නොහැකි හානියක් සිදුකර ඇත. දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මහජනතාවට සහ අධ්‍යාපන කටයුතු වල නිරත වන පාසල් දරුවන් වෙනුවෙන් කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලා සිිටින අතර, ඉතාමත් ව්‍යාජ ලෙස එම අරමුණම පෙන්වා, සිදුකරන ජාවාරම් වහාම නතර කරන ලෙසත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉහල මණ්ඩලයක් පත්කර පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
 

More News..