brand logo

කඩා වැටුණු යානය ගැන හොයන්න චීනය සූදානම්

06 January 2020

කඩා වැටුණු වයි 12 යානය ගැන ගුවන් හමුදා විමර්ශන කණ්ඩායම් සිදුකරන පරීක්ෂණවලට අවශ්‍ය වන්නේ නම් චීන රජයේ සහාය ලබාදීමට එකඟත්වය පළ කර ඇත. චීනයේ නිෂ්පාදිත වයි 12 ගුවන් යානය සෑම සතියකට දෙතුන් වතාවක් ගුවනින් කරන ඔත්තු බැලීමේ කාර්යයක් (රෙකී මිෂන්) සඳහා පිදුරුතලාගල ගුවන් කලාපයේ සිට බදුල්ල පානම දෙසට යමින් සිටියදී සිකුරාදා (3 වැනිදා) උදෑසන අනතුරට ලක්විය. මෙහිදී අවසන් වරට යානය අඩි 8500ක් පමණ ඉහළට ගුවන් ගතවී ඉන් තත්ත්පර අටකට පමණ පසු උදෑසන 9.5ට පමණ ගුවන් යානය කඩා වැටී තිබේ. අවසන් මොහොතෙත් යානයේ පාලනය ගිලිහී යන්නට මත්තෙන් තම අත්දැකීම් උපයෝගී කරගෙන යානය මහජනයාට හානියක් නොවන ආකාරයට හසුරුවාලීම නිසා විශාල හානියක් වැළකී ගොස් තිබේ. මෙම අනතුරින් දිවිපිදුවේ ගුවන් නියමු බළගණ නායක බුද්ධි වීබැද්ද, පියාසර ලුතිනන් ලංකාපුර කුලතුංග, ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන් ආර්.ඩබ්ලිව්. කුමාර හා සැරයන් ඒ.සී. හෙට්ටිආරච්චි යන අයයි. අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයෙන් හදිසි තත්ත්වයක් ගැන දන්වා ​නොතිබුණු බව මත්තල රේඩාර් පාලක මැදිරියෙන් අනාවරණය විය. කඳු සහිත ප්‍රදේශයක් නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළත් එය සන්නිවේදනය වී නොමැති වුවාද යන්න පිළිබඳවත් විමර්ශනයක් අරඹා ඇත. අනතුරට හේතුව අනතුර සිදුවන මොහොතේ දත්ත හා එන්ජින්වල තත්ත්වය අනුව තීරණය කිරීමට කාලයක් ගතවිය හැකි බව ගුවන් හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..