brand logo

කඩදාසි සමාගම, සළුසලට ලක්ෂ 65ක් පොලුතියයි

29 September 2020

  සීමාසහිත ලංකා සළුසල ආයතනයට ගෙවිය යුතු හිඟ බදු කුලී, විදුලිය හා ජල ගාස්තු රුපියල් හැටපන් ලක්ෂ අනූදහස් තුන්සිය විසි තුනක මුදලක් සීමාසහිත ජාතික කඩදාසි සමාගම විසින් මෙතෙක් ගෙවා නැතැයි සළුසල සුරැකීමේ සංගමයේ සභාපති දයා හේමන්ත සිල්වා ‘අරුණ’ට පැවසීය. සභාපතිවරයා පෙන්වා දෙන්නේ ජාතික කඩදාසි සමාගම, ලංකා සළුසල ආයතනයට අයත් ගොඩනැගිල්ලක 2008 වසරේ සිට 2018 වසර දක්වා කුලියට සිට ඇති අතර මෙම මුදල ගෙවිය යුත්තේ එම කාලයේදී බදු කුලී හා පාවිච්චි කළ ජලය හා විදුලිය වෙනුවෙනි. මෙම ගෙවීම් කටයුතු මුල් කාලයේදී නිසියාකාරව සිදු කළද 2019 වසරේ අගෝස්තු මස 19 දින පැවති සාකච්ඡාවකදී ජාතික කඩදාසි සමාගමේ හිටපු වැඩබලන ගණකාධිකාරී කපිල ලියනගේ විසින් එම මුදල් ගෙවීමට අවශ්‍ය නොවන බවට බලධාරින්ට උපදෙස් ලබා දී ඇතැයි සළුසල සුරැකීමේ සංගමයේ සභාපතිවරයා කීවේය.මෙම ක්‍රියාවලිය ඉතා අසාධාරණ බවත් මේ සඳහා රජය සහ අදාළ බලධාරීන් වහාම මැදිහත් විය යුතු බවත් හෙතෙම කීවේය. චාමර පල්ලේගෙදර
 

More News..