brand logo

කඩදාසි මිල අඩු කිරීමට පියවර ගන්නවා

18 September 2020

කඩදාසි මිල අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (18) ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදීය. කඩදාසි මිල අඩු කිරීම සදහා ඒ සම්බන්ධව අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරන බව ඔහු සදහන් කළේය. කඩදාසි මිල අධික බැවින් පොත්වල මිල ගණන් ද ඉහළ බව පෙන්වා දුන් විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජයක් විසින් ජනතාවට මෙන්ම රටට යහපත් දේ සිදුකළ යුතු බවයි. ඒ අනුව ඉදිරි කාලයේදී අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර කඩදාසි මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
 

More News..