brand logo

කඨීන පිංකම් සිදුකිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

09 November 2020

ඉදිරි සති කිහිපය තුල බෞද්ධ විහාරස්ථාන වල කඨීන පින්කම් සිදුකිරීම සම්භන්ධයෙන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නිදන්ගත රෝග සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කොවිඩ් රෝගයේදී දැඩි අවදානම් කණ්ඩායමක් වන හෙයින් රෝගය පැතිරීම වැලැක්වීම කෙරෙහි භික්ෂූන් වහන්සේලා මෙන්ම සියලු දායක දායිකාවන්ගේ විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි. පෙරහැර යාම සඳහා ජනතාව එක්රැස් නොකිරීම, පුජා භාණ්ඩ රැස් කිරීමට ආගමික වතාවත් පැවැත්වීමට නිවසින් නොයාම කලයුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. පවත්නා අවදානම් තත්වය හමුවේ පූජනීය ස්ථාන තුළ සිටිය හැකි බැතිමතුන්ගේ උපරිම සංඛ්‍යාව 25 දෙනෙකුට සීමා කළ යුතු බවත් පුද්ගල දුරස්ථභාවය අවමය මීටරයක් පවත්වාගත යුතු බවත් අවධාරණය කරනවා. තවද මුඛ ආවරණ නිසිලෙස පැළඳීම ඇතුළු නිර්දේශ නිරතුරුව පිළිපදියයුතු බව සඳහන් කරනවා.
 

More News..