brand logo

කටුනායක සිට වේයන්ගොඩට නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරනවා

03 September 2019

සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් කටුනායක ගුවන් තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඇමති වරයා ඒ බව පැවසුවේ,පසුගිය දා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී ය. ඇමති අර්ජුන රණතුංග වැඩිදුරටත් කතා කරමින් මෙසේ ද පැවසීය. එමඟින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන විදෙස් සංචාරයින්ට මෙන්ම දේශීය මගීන්ට කොළඹ නොගොස් දුම්රියෙන්ම වේයන්ගොඩ හරහා නුවර, බදුල්ල,යාපනය, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලට ගමන් කිරීමේ හැකියාව උදාවනවා.කටුනායක වේයන්ගොඩ නව දුම්රිය මාර්ගය ඉදි කිරීමට සඳහා ඇති හැකියාව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය මූලික කටයුතු සොයා බලමින් සිටිනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක රුවන් රණතුංග ගම සහ රට සංවර්ධනයට ඇති හොඳම මග ජාතික ආණ්ඩුව වනවා. ජාතික ආණ්ඩු සංකල්පයට හුඟ දෙනෙක් කැමැති වුණේ නැහැ. නමුත් මම ජාතික ආණ්ඩු සංකල්පයට කැමැති කෙනෙක්. අපි දේශපාලනයට ආවේ මිනිස්සුන්ට සේවය කරන්න. ඒ නිසා මැතිවරණයක් එන්නේ නැතිව තව අවුරුදු දෙකක් විතර ලැබුණොත් මීට වඩා සේවාවක් මිනිස්සුන්ට කරන්න අපිට ලැබෙනවා. අද අපි සංවර්ධනය ගැන කථා කරනවා. නමුත් මේ මිනුවන්ගොඩ ආසනයේ වැසිකිළි පහසුකම් නැති පවුල් 400ක් පමණ ඉන්නනවා. අපිට පන්සලක උළු ටික තියන්න රුපියල් පනස්දහසක්වත් දෙන්න බැරි තත්ත්වයක් තිබුණා. නමුත් අද අපි ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ ආසනයේ විශාල වශයෙන් සංවර්ධන කටයුතු රැසක් සිදුකරමින් තිබෙනවා. ඉදිරියේදී අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ එම සංවර්ධන ව්‍යපෘතිය තවත් වේගවත් කිරීමටත් අපි අපේක්ෂා කරනවා යැයි රුවන් රණතුංග එහි දී කියා සිටියේය. නිමල් අල්ගෙවත්ත
 

More News..