brand logo

කටුනායක නව පර්යන්ත ව්‍යාපෘතිය අගෝස්තු මැදභාගයේ යළි සක්‍රීය කිරීමට පියවර

14 July 2020

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ නව පර්යන්තයක් ඉදිකරන බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පැවසීය. ඒ සඳහා වැයවන රුපියල් බිලියන 108ක අරමුදල් සම්පාදනය කරන්නේ ජපානයය. සභාපතිවරයා සඳහන් කළේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානයේ අන්තර්ජාතික සංස්ථා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය මූල්‍යාධාර සපයන බවයි. වසර තුනක කාලයක් ඇතුළත නිම කිරීමට ​යෝජිත මෙම ව්‍යාපෘතිය පිළිබඳව සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළේය. ‘‘මේ ව්‍යාපෘතිය යෝජනා වූයේ දෙදහස් දොළහ වර්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී දෙදාස් දාහතරේදී මේකට මුල් ගල් තියලා ව්‍යාපෘතිය ආරම්භ කරන්න සූදානම් වුණා. නමුත් දෙදාස් පහළොවේ ආණ්ඩු මාරුවත් එක්ක ව්‍යාපෘතිය මුළුමනින්ම නැවතුණා. එලෙස අත්හිටුවු මෙම නව පර්යන්ත ව්‍යාපෘතිය ලබන අගෝස්තු මාසයේ මැදභාගයේ නැවත සක්‍රිය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සභාපතිවරයා පැවසීය. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වනවා. ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න අපි අලුතින් ගිවිසුමකුත් අත්සන් කළා. ඉදිරි සති කීපය ඇතුළත ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරුවන් සහ වෙනත් සේවක පිරිස් ජපානයෙන් පැමිණීමට නියමිතයි. මෙම නව පර්යන්තය ඉදිකිරීමත් සමග වසරකට අමතර මගීන් මිලියන 09ක් හැසිරවිය හැකි අතර එමගින් ගුවන්තොටුපොළ ධාරිතාව මිලියන 06 සිට මිලියන 15 දක්වා ඉහළ නැංවිය හැකි බවත් මෝටර් රථ ගාල් කිරීමේ පහසුකම වාහන 600කින් ඉහළ නැංවිය හැකි බවත් ව්‍යාපෘති වාර්තා අනාවරණය කරයි. නයන තරංග ගමගේ
 

More News..