brand logo

කටුනායක තවත් කොවිඩ් ආසාදිතයින් 22ක්

12 October 2020

කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තවත් සේවකයින් 22දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ අද පස්වරු 5.30 වන විට මෙම කොවිඩ් ආසාදිතයින් ගණන හදුනාගත් බවයි. ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙද කළාපයෙන් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 39ක් වනු ඇති. මීට පෙර කටුනායක නිදහස් වෙළෙද කළාපයෙන් හදුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17ක් වේ.
 

More News..