brand logo

කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සාකච්ඡා

05 May 2020

සෙඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන්  මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික  අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග  මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොරෝනා වසංගතය පාලනය  කිරීමෙන් පසුව සෙඛ්‍ය අංශ නිර්දේශ අනුකුලව ජාත්‍යන්තර ගුවන් නීතිරීති වලට අදාලව මෙම කටයුතු ආරම්භ කිරීමට අපෙක්ෂා කරන බවයි. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) කාර්මික අපනයන ආයෝජන   ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේදි පැවැත්විණි සංචාරක හා  ගුවන්සේවා අමාත්‍යංශය යටතේ පවතින ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට  එක්ව සිටියහ. කොරෝනා වසංගතයෙන් පසු සංචාරක හා ගුවන්සේවා කටයුතු යලි නංවාදීමට  අදාල යෝජනා හා සැලසුම් ආයතන මට්ටමින් වෙන් වෙන්ව සාකච්ඡා කෙරුණු  අතර සංචාරක හා ගුවන්සේවා ක්ෂේත්‍රවලට අදාලව එකාබද්ධ සැසුමක් සැකසීම  පිලිබදව ද මෙහිදි මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ. සංචාරකහෝටල් නැවත ඇරබීමේදි ඒ සදහා අනුගමණ කළ යුතු වැඩපිලිවෙල සෙඛ්‍ය අංශ සමග එක්ව දැනටමත් සකස්කර ඇතැයි සභාපතිවරිය මෙහිදි කියා සිටියාය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වාදුන්නේ සංචාරක ක්ෂේත්‍රෙයේ   නිරත අයට කඩිනම් සහන සැලසීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි. ඊටඅදාල යෝජනා කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව  ඇමතිවරයා මෙහිදි කියා සිටියේය. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා කටුනායක ගුවන්තොටුප මෙහෙයුම නැවත ආරම්භ කිරීමේදි අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල ඇමතිවරයාට ඉදිරිපත් කලේය. ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදි කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය  බවත් ශ්‍රී ලංකාවෙන් පිටවීමේදී ද ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට  ලෝක සෙඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවත් ඔහු කිවේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේ ඒ අනුව කටයුතු කරන ලෙසයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරණ මහතාද මෙහිදි කියා සිටියේ ලෝක  සෙඛ්‍ය සංවිධානයේ හා ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්නායක අනුව ශ්‍රී ලංකාන් ගුවන් සමාගමද සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්ණායකයන්ට අදාල ආයතන සමග  සම්බන්ධීකරණය කිරීමට ගුවන්සේවා අධිකාරියට පැවරිනි. රජයේ උපදෙස් අනුව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ආයතන 11  වෙනිදා සිට නැවත ආරම්භ කිරීම පිලිබදව ද මෙහිදි ඇමතිවරයාගේ අවධානයට  යොමු විය.  
 

More News..