brand logo

කටුනායකදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකුට තුවාල - ඡන්දය ප්‍රකාශ කලයුතු යැයි පවසමින් පොලිසිය සැකකරුවන් මුදාහරි

15 November 2019

කටුනායකදී ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරට ලක්වූ දෙදෙනා රෝහල්ගතව සිටියදී අනතුර සිදුකළ පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධයක් මතුව ඇත. ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය නිසා සැකකරු මුදාහළ බව කටුනායක පොලිසිය පවසන බව තුවාල ලැබූ අයගේ ඥාතීහු පවසති. වරද කළ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන සොයා බලන පොලිසිය තුවාලකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් ඔවුහු පොලිසියට චෝදනා කරති. කටුනායක පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අරුණ කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොමැති බවත් තුවාලකරුවන්ටද තුවාල සඳහා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවීමට අවස්ථාව ඇති බවය.
 

More News..