brand logo

කටුනායකට ඇමෙරිකානු ගුවන් යානා ගොඩබෑම ගැන ජනපති සමග සාකච්ඡා කරනවා - වාසුදේව කියයි

02 February 2019

කටුනායක ගුවන්තොටුපොළට ඇමෙරිකානු යුද ගුවන් යානා ගොඩබෑම සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය. සිය පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, ඒ අනුව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය. එහෙත් දැනට ලැබී ඇති තොරතුරු අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය හා ඇමෙරිකන් තානාපති කාර්යාලය පමණක් සම්බන්ධ වී මෙම කටයුතු කරන බව සඳහන් වේ. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ස්ථානගත කර ඇති ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකින් පැමිණි ගුවන් යානා මෙසේ පසුගිය 25 දින කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බෑවේය.
 

More News..