brand logo

කටාර් බලශක්ති ඇමති අගමැති මහින්ද හමුවෙයි

27 January 2020

කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු රාජ්‍ය අමාත්‍ය සාද් බින් ෂෙරීඩා අල් කාබි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (26) කොළඹදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. දෙරට අතර ඇති යහපත් දේශපාලන සබඳතා ගැන සඳහන් කරමින් එම නියෝජිතයින් විදුලිබල හා බලශක්ති ක්ෂේත‍්‍රයේ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළ අතර ආර්ථික හා පරිසර හිතකාමී බලශක්ති විසඳුම් සෙවීමේ අවශ්‍යතාවද ඉස්මතු කළහ. 1976 දී ශ‍්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ කළ අතර කටාර් රාජ්‍යය සමඟ වෙළඳාම ප‍්‍රවර්ධනය කිරීමටත්, කටාර් රාජ්‍යයේ ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳවත් ශ‍්‍රී ලංකාවේ වැඩි අවධානය යොමු වී තිබේ. ඛනිජ රසායනික, සංචාරක, ආහාර සැකසුම් හා කෘෂිකර්මාන්තය ඇතුළු කටාර් රාජ්‍යයෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ක්ෂේත‍්‍ර ගණනාවක් තිබේ. මෙම අවස්ථාවට ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත සහ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිනි සේනරත් යන මහත්වරු සහභාගී වූහ.
 

More News..