brand logo

කංසා පැළ 11,665ක් සමඟ අයෙක් මාට්ටු

25 September 2019

වැල්ලවාය බලහරුව අඹකොළආර ප‍්‍රදේශයේ පතෝල වගා කරන මුවාවෙන් කංසා වගා කළ පුද්ගලයෙකු කංසා පැළ 11,665ක් සමඟ අද (25) අත්අඩංගුවට ගෙන ඇත. පතෝල වගාවට යටින් පැළ කර තිබූ මෙම කංසා පැළ අඩි පහයි අඟල් තුනක් පමණ උසට සරුවට වැවී තිබි ඇති අතර වැල්ලවාය බලහරුව ඌව කුඩාඔය පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු කංසා පැළ සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 

More News..